ජනපති සහ ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් අතර හමුවක්..

පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීය බව ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එරට දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන්ම (Thomas Shannon) මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා වේලාවෙන් පසුගිය (21) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාව සහ ඇමරිකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top