අද උදෑසන කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසලදී පිලී පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවල යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව පැවැසේ. මේ වන විට අදාළ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කිරීමේ කටයුතු සිදුකරන බව ද වාර්තාවේ.