තියුණු ආයුධයකින් පහරදීමෙන් දෙදරු පියෙකු ජීවිතක්‍ෂයට

සූරියවැව සමාජසේවාපුර ප්‍රදේශයේ දී මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් දෙදරු පියෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඥාති නිවසක දී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බවට වාර්තාවේ. සිද්ධියෙන් වයස අවුරුදු 42ක් වූ සූරියවැව සමාජසේවාපුර ප්‍රදේශයේම පදිංචි දෙදරු පියා එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්‍ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top