සාර්ක් වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ සැළසුම ලබන දෙසැම්බර් මාසයේ දී – රාජිත සේනාරත්න

සාර්ක් වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ සැළසුම ලබන දෙසැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර මහ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී ය.

සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ යෝජනාව සාර්ක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් කර ඇත. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ සහයෝගය පළ කළේය. එය ශ්‍රී ලංකාවේ ඉදිකරන ලෙසට යෝජනා කෙරුණි.

මෙම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව සැළසේ.

ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය සේවාවේ උන්නතිය සදහා අඛණ්ඩව කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top