මෙක්සිකෝවට යළි භූ කම්පනයක්

මෙක්සිකෝවට ඊයේ දිනයේ තවත් භූ කම්පනයකින් බලපෑම් එල්ලවී ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් පසුගියදා ඇතිවූ භූ කම්පනයෙන් විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ. ඊයේ ඇතිවූ භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.1ක් ලෙස වාර්තාවේ.

ඉන් ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදුවූවත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද වාර්තාවේ. පසුගියදා මෙක්සිකෝවට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 7.1ක භූ කම්පනයෙන් පුද්ගලයින් 305 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top