SRILANKAN NEWS

වරාය නගර ව්‍යපෘතිය නිසා ධීවරයින්ට සිඳුවන බලපෑම සොයන්න කමිටුවක්

වරාය - මූල්‍ය නගරයවරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ධීවරයින්ට සිදුවන බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ සදහා 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් පත් කර ඇති අතර ධීවරයින් නියෝජනය කරන 05 දෙනෙකුගෙන් සහ අමාත්‍යාංශය හා ව්‍යාපෘතිය නියෝජනය කරන 05 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇති බව වාර්තාවේ.

අදාළ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සදහා ධීවර කටයුතු සිදු කරන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්ගෙන් වැලි ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ධීවර ප්‍රජාව විසින් තම විරෝධයද පළ කරන ලදී.

– Global Tamil News : Sinhala