ජනපති ඇමරිකාවේ සිට යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවූ තුන්වන අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ආර්ථික හා සාමාජීය සභාවේ සැසිවාරයට ද එක් විය. එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෙන්ම, ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නායකයන් සමග ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top