හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2015 වසරේ කහවත්ත පොලිස් වසමේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදළව කරුණු වසන් කිරීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පුන්කුඩුතිව් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සැකකරුවකු වන සුවිස් කුමාර් නැමැත්තාට පලා යෑමට උදව් කළ චෝදනාව හේතුවෙන් ජාතික පොලිස් කොමිසම විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය අත්හිටුවා තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top