ජයන්ත සමරවීරට ඇප – සරත් වීරවංශ 7තෙක් යළි රිමාන්ඩ්

court- නියෝග- අධිකරණයරජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (24) නියෝග කර තිබේ.

රු.25,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 ක් බැගින්වු ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කරන ලෙස නියෝග කළ අතර ජයන්ත සමරවීර මහතාගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇත.

මේ අතර, මෙම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සොයුරු සරත් වීරවංශ මහතා ලබන මස 07වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top