සබරගමුව පළාත් සභාවේ නිල කාලය හෙටින් අවසන්..

සබරගමුව හයවැනි පළාත් සභාවේ නිලකාලය හෙට (26දා) මධ්‍යම රාත‍්‍රී 12.00න් පසු අවසන් වෙයි.

2012 වර්ෂයේ පැවැත්වුණ පළාත්සභා ඡන්ද විමසීමෙන් අනතුරුව වත්මන් පළාත් සභාව පිහිටුවා වසර පහක් සපිරී ඇත. එම සභාවේ අවසන් මාසික රැස්වීම හෙට (26දා) පෙරවරු 10.00ට රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

පළාත් සභා පනතට අනුව නැවත ඡන්ද විමසීමක් පැවැත්වෙන තෙක් පළාත් සභා කටයුතු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top