SRILANKAN NEWS

යාපනය සරසවි සිසු ඝාතන හෙලා දකිමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා

img_7996යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අද (24) බොහෝ සරසවි ඉදිරිපිට දී පැවැත්විණි.

පේරාදෙණිය, කැළණිය, යාපනය, නැගෙනහිර සහ කොළඹ සෞන්දර්ය සරසවියේ දී මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ ප්‍රකාශ කර සිටියේ මෙය අධ්‍යාපන සුබසාධනය වෙනුවෙන් කරන උද්ඝෝෂණයක් නොවන බවත් සරසවි සිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන්දි ගෙවන බවත්ය.

832878629untitled-5සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් මදුරංග පවසා සිටියේ, ආණ්ඩුව හා පොලීසිය හිතාමතා මෙම ඝාතනය හැංගීමට උත්සාහ ගත් බවත්, සමාජය හමුවේ මේ සම්බන්ධයෙන් නිවැරදිව ප්‍රකාශ නොකළ බවත්, ඒ නිසාම මේ පිළිබඳ යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට බලකිරීම වෙනුවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවයි.

img_2110ඝාතනයට පත්වූ සරසවි සිසුන්ට නීතිමය සාධාරණයක් ලබාදිය යුතු යැයි ඉල්ලා යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට නුවර මාර්ගය අවහිර කරමින් යාපනය සරසවි සිසුන් විරෝධතාවයේ නිරතවූහ. එහිදී සිසුන් තම ඉල්ලීම් ඇතුලත් පෙත්සමක් යාපනය දිස්ත්‍රික්ක ලේකම් වේදනායකම් මහතා වෙත භාරදී තිබේ.

නැගෙනහිර සරසවියේ සිසුන්ද අද දින 10.30 ට පමණ උද්ඝෝණයක නිරතවූ අතර, පසුගිය කාලයේ පැවැති යුද්දය හේතුවෙන් දුක් කරදර රැසක් මැද සරසවි වරම් ලබා අධ්‍යාපනය ලබන සිසුන් වෙත මෙලෙස img_2110ප්‍රචණ්ඩත්වයක් දියත් කර තිබීම අනුමත කළ නොහැකි බවත් සරසවි සිසුන්ගේ ඝාතනය සම්බන්‍ධයෙන් නිසි පරික්‍ෂණයක් සිදුකර යුක්තිය ඉටු කළ යුතු බව ඉල්ලා සිටියෝය.

මේ අතර, යාපනයේ සිසුන් ඝාතනය කිරීමට විරෝධය පා සිවිල් ක්‍රියාකාරීහු ද අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරතව තිබේ. මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් හා දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී තිබේ.

– Global Tamil News : Sinhala