ARTICLES SRILANKAN NEWS

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හා සිංහල මහ ජනතාව

constiution_CI– නිලාන්දන්

පසුගිය 11 වැනි දා කිලිනොච්චියදී සාකච්ඡා හමුවක් පැවැත්විණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ මහජන සහය පිළිබඳ ඉකුත් සාකච්ඡා හමුව ජාතික ක්‍රිස්තියානි සභාව විසින් සංවිධානය කර තිබුණි. එහිදී දකුණේ සංවිධායකු ආචාර්‍ය රෝහාන් එදිරිසිංහ මහතාගේ ප්‍රකාශයක් උදාහරණයක් ලෙස උපුටා දක්වමින් අදහස් ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව දකුණේ පැවැති සාකච්ඡාවකදී රෝහාන් එදිරිසිංහ මහතා කෙන්නියානු රටේ උදාහරණයක් පෙන්වාදී තිබේ. කෙන්යාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේදී එරට වයසක ගොවියකු තම එළුවන්ට දීමට තන කොළ නැති බව පෙන්වාදී තිබේ. ඔහුගේ ප්‍රකාශය කෙරෙහි ද අවධානය යොමු කර කෙන්යාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තණ බිම් ඇති කිරීම ගැන ද නව වැඩපිළිවල් ඇතුලත් කළ බව ආචාර්‍ය රෝහාන් එදිරිසිංහ මහතා පෙන්වාදී තිබේ.

දුප්පත් ගොවියකුගේ එළුවකුට තණ කොළ අවශ්‍ය බව අවධානය කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ නම් එය එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී සවිමත් බව පෙන්නුම් කරන දෙයකි. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකත්වය කුමක් ද?

රජයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කමිටුවේ සිටින සිංහල විද්වතකු පසුගිය වසරේ අග භාගයේදී සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ කථා බහ කරමින් සිටියදී පළ කළ අදහස් මෙහිදී පෙන්වාදිය යුතුයි. එය නිල සාකච්ඡාවක් නොවේ, මිත්‍රශීලි සාමාන්‍ය කථා බහකි. එතැන දෙමළ දේශපාලකයකු ද සහභාගිව සිටි අතර, ඔහු දෙමළ ජනතා සභාවට සම්බන්‍ධ පක්‍ෂයකට අයත් පුද්ගලයකි. එහිදී දෙමළ ජනතා සභාව ගැන ද අදහස් හුවමාරුවූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තීන්දු තීරණ සියල්ල මේවන විටත් අරන් අවසන් යන අදහසින් ඉකුත් විද්වතා සිය මතය පළකර තිබේ.

එලෙසම ජාතික ප්‍රශ්ණය ගැන ද පෙරාතුවම තීන්දු තීරණය සියල්ල ගෙන ඇති බවට සැකයක් පවතියි. ආණ්ඩු වෙනසකට පෙර සිංගප්පූරුවේ පැවැති රහසිගත සාකච්ඡා හමුවකදී මේ සම්බන්‍ධයෙන් තීරණයක් ගෙන ඇති බවට පැවැසේ.

එනම් සාමාන්‍යයෙන් සිදුවන අයුරින් ඉහළ මට්ටමින් පෙරාතුවම තීන්දු තීරණය ගෙන පහළ මට්ටමින් අදහස් හා යෝජනා විමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන බවට පවසා සිටීම නාඩකමක් ද? නැතිනම් ඇස් බැන්දුමක්ද ? ‘යහපාලනයේ ප්‍රදර්ශනාගාරය‘ ලෙස මෙම කුඩා දිවයින ගොඩනැගීමේ බාල උපක්‍රමයක මෙයත් එක් කොටසක්ද?

මේ සම්බන්‍ධෙයෙන් මෙම ලිපියෙහි කර්තෘ විසින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හා දෙමළ ජනතාව‘ යන මාතෘකාව යටතේ සති කිහිපයකට පෙර ද ලිපියක් ලියා තිබුණි. එම ලිපියෙහි දිගුවක් ලෙස මේ සම්බන්‍ධයෙන් තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරන අයුරින් මෙම ලිපිය තිබේ.

ශ්‍රී ලංකාවේ පසුගිය දශක කිහිපයක අත්දැකීම යටතේ විශේෂයෙන් පසුගි වසර හතක අත්දැකීම්වලට අනුව මෙම කාරණාව කෙරෙහි වැඩි අවධානයකින් සොයා බැලිය යුතු කරුණක් වී තිබේ.

එනම්, එය දැන් මෙම දිවයිනට අවශ්‍යවන්නේ මහජනතාවගේ අදහස් විමසීම ද? නැතිනම් මහජනතාව අතර අදහසක් ඇති කිරීම ද? යන්නයි..

බහුතර දෙමළ ජනතාව ඒකීය පාලනය වෙනස් කළ යුතු බවත්, ස්වයං පාලන ක්‍රිමයකින් යුතු ෆැඩරල් ක්‍රිමයක් අවශ්‍ය බවත් ඉල්ලා සිටිති. ජනතා වරම ලබාගත් දෙමළ ජාතික සන්ධානය ද බොහෝ විට ඉල්ලා සිටින්නේ ද එයවේ. දෙමළ ජනතාව සභාව ද ඉල්ලා සිටින්නේ එයයි. නමුත් සිංහල මහ ජනතාව ?

ඔවුන් ෆැඩරල් ක්‍රිමය බිල්ලෙක් ලෙස, එය බෙදුම්වාදය කරා ගෙන යන බව ද දැකියි. මෙම කුඩා දිවයිනේ ප්‍රථම වරට ෆැඩරල් ඉල්ලා සිටියේ සිංහල නායකයකු වන බණ්ඩාරනායක මහතා බව ඔවුන් අමතක කර තිබේ.

මෙවැනි යථාර්තමත් පසුබිමක දී දෙමළ හා සිංහල ජනතාව තෘප්තිමත් කරන විසඳුමක් සොයා ගන්නේ කෙසේ ද?

සිංහල ජනතාවට ඒකීය පාලනයක් ලෙස පෙනෙන දෙමළ ජනතාවට ෆැඩරල් වගේ පෙනෙන විසඳුමක් සොයාගත යුතුයි. එනම් දෙපාර්ශවයටම බොරු කිව යුතුයි. පද වචන යොදා සෙල්ලම් කළ යුතුයි.

නමුත් බොරු අසත්‍යතාවෙන් සහජීවනය ඇතිවන්නේ නැහැ, අසත්‍යතාවය මත සාමය යුක්තිය ගොඩනැගීමට නොහැක. අසත්‍යතා මත ගොඩනැගුනු කිසිම විසඳුමක් සදා කල් පවතින්නේ නැත. එමෙන් සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට සත්‍යතාවය පෙන්වාදිය යුතුයි. එම සත්‍යතාවය උකහා ගත හැකි පොදු මානසිකත්වයක් උදාකළ යුතුයි.

තමන්ට සිදුවූ හානිය, වේදනාව, සමූල තුවාලයට නිසි යුක්තියක් ඉල්ලා සිටින දෙමළ ජනතාවට අසත්‍යයක් දිය නොහැක. දශක තුනක අධික කාලයක් බෙදීමක් ඉල්ලා ආයුධ සන්නද්ධව අරගල කළ ජන කොටසක් දැන් ෆැඩරල් විසඳුමකට සූදානමින් සිටියි. දෙමළ දේශපාලන වේදිකාවේ ඉතා මෑතකදී පැමිණි දෙමළ ජනතා සභාව ද එහි යෝජනා මාලාවේ ලිහිල් භාවයක් අනුගමනය කර තිබේ. ඒකීය රටක් ගැන සොයා බැලීම එහි විශේෂ කරුණක් ලෙස දැක්නට ලැබේ. ඉකුත් සභාවේ යෝජනාව සම්පූර්ණ ෆැඩරල් ක්‍රමයක් යැයි පැවැසිය නොහැක. ඒ අතර අලුත් සාකච්ඡා මාවතක් විවෘත කර තිබේ. ජාතික ප්‍රශ්ණයට විසඳුමක් කෙරෙහි දෙමළ ජනතා පාර්ශවයෙන් ඉදිරිපත් කළ අලුත්ම සංඥාව එයවේ.

ආයුධ අරගලයෙන් අනතුරුව පසුගිය වසර 7කදී දෙමළ ජනතා පාර්ශවයෙන් මෙලෙස සම්මුති සංඥාවන් රැසක් ඉදිරිපත් කර තිබේ. එය පරාජයේ ප්‍රතිඵලයක් ලෙස සිතා නැවතත් විසඳුමක් නැති විසඳුමකින් ඔවුන්ව නිරන්තරයෙන්ම පරාජය කළ යුතු යැයි සිංහල නායකයන් සිතන්නේ නම් එය යුද ජයග්‍රාහිවාදයේ අලුත්ම ප්‍රවර්ධනයකි. ජයග්‍රාහිවාදය 2009දී එල්.ටි.ටි.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු එම ජයග්‍රහණය මුල් කොට රාජපක්‍ෂ සහෝදරවරුන් විසින් ස්ථාපිත කළ දෙයකි. එය වෙනත් ආකාරයකින් පවසන්නේ නම් දෙමළ ජනතාව තවඳුරටත් පරාජයවූ පාර්ශවයක් ලෙස තබා ගැනීම යන අර්ථයවේ. එය ජාතිවාදයෙහි 2009න් පසු වූ ප්‍රවර්ධනයක් ලෙස තිබුණි. නමුත් රාජපක්‍ෂවරුන් පරාජයවූ පසු ද දෙමළ ජනතාවට ඔවුන්ගේ ඉතා අවම ඉල්ලීම් පවා අත්හැරින ලෙස ඉල්ලා සිටීම එය ජයග්‍රාහිවාදයේ දිගුවකි. මෙය විරුද්ධව සටන් කිරීමට බලයක් නැති ජන කොටසක හිසට බිම් මට්ටමේ විසඳුමක් බැඳ දැමීමේ උත්සහයකි.

ෆැඩරල් නම් බෙදුම්වාදය යැයි පැවැසීම ලොවේ දේශපාල විශේෂඥයන් කිසිවකු පිළිගන්නේ නැහැ. ෆැඩරල් ගැන මානව වර්ගයා විසින් මෙතෙක් එක්රැස් කළ සොයාගත් දැනුමට එරෙහිව සිංහල ජනතාව හා දේශපාලකයන් සිතීමට හේතුව කුමක් ද?

මෙහිදී කාරණා දෙකක් සඳහන් කළ හැක.. එක- සිංහල ජනතාව ෆැඩරල් ගැන ඉතා වැරදි උපකල්පනයකින් සිටිති. දෙක – දෙමළ ජනතාව ඉදිරිපත් කරන අවම ඉල්ලීම් පවා ප්‍රතික්‍ෂේප කිරීම තුලින් ඔවුන්ගේ ඉල්ලීම් තවඳුරටත් අවම කළ හැකිය යන බලාපොරොත්තුව. විශේෂයෙන් දෙමළ ජනතාවගේ ආයුධ අරගලය පරාජයට පත්කර තිබෙන අවස්ථාවක දෙමළ ජනතාව ඉතා අවම විසඳුමක් තුල කොටු කිරීමතුලින් ඔවුන්ව තවඳුරටත් පරාජයවූ ජන කොටසක් ලෙස පවත්වාගෙන යෑමට තැත් කරන ආකල්පයක්.

නමුත් සැබෑ සාමයෙහි ජයගත් කෙනෙකු ද නැත පරාජයවූ කෙනෙකු ද නැත. දෙපාර්ශවයම ජයග්‍රහණය කළ බවට සිතිය යුතුයි. එමෙන් ජාතික ප්‍රශ්ණයට විසඳුම යනු දෙමළ ජනතාව තවඳුරටත් පරාජය කිරීමේ උත්සහයක් ලෙස නොතිබිය යුතුය. ඒ අනුව බලන විට දැනට විසඳුම් යෝජනාවකට තිබෙන එකම පෙර කොන්දේසියවන්නේ දෙමළ ජනතාවගේ ඉතා අවම ඉල්ලීම කෙරෙහි සිංහල පොදු මානසිකත්වයක් උදාකිරීමය. යුක්තිය එහි සැබෑ අරුතෙන් ගොඩනැගීමට සුදුසුම වැඩපිළිවල මෙයවේ.

එමෙන් සිංහල පොදු මානසිකත්වය විසඳුමක් කරා ගෙන යා යුතුයි. එනම්, ජනතාවගේ අදහස් යෝජනා විමසීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් අතර අදහස් උදාකළ යුතුයි. එය හුදෙක් දේශපාලකයන්ට පමණක් සිදුකළ නොහැක. සමාජ ක්‍රියාකරුවන්, ආගමික නායකයන්, බුද්ධිමතුන්, ජනමාධ්‍ය, නිපැයුම්කරුවන්, කලාකරුවන් ඇතුළු සියළු දෙනාම තමන්ට හිමි තැනින් එය ක්‍රියාත්මක කළ යුතුයි.

මෙම කාරණාවේදී සිංහල දේශපාලකයන් තම මූලික විනයම වෙනස් කර ගැනීමට සිදුවිය හැක. ජන්ද දඞයම් දේශපාලනය සඳහා ෆැඩරල් ක්‍රමය බෙදුම්වාදී බිල්ලක් ලෙස මවා පෙන්වා සිටින්නේ ඔවුන්ය. පසුගිය දශක ගණනාවක් තිස්සේ තම ජන්ද දායකයන්ට පොවා වැඩූ විශවලට ප්‍රති බෙහෙත් ලබාදීමට ඔවුන් සූදානම් ද?

සිංහල ජනතාව සාධාරණීය යුක්ති සහගත විසඳුමක් කරා ගෙන යෑම යනු සෑම අතින්ම සිංහල ජාතිවාදය පරාජය කිරීමකි. ජාතිවාදය පරාජය නොකළේ නම් දෙමළ ජාතික දේශපාලනය ද බොහෝ විට ඉපිලෙන තත්වයකට පත්වෙනු ඇත. එමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා ජනතාවගේ අදහස් හා යෝජනා ඉල්ලා සිටින රටක් එයට පෙර ජනතාව අතර අදහසක් ඉදිරිපත් කළ යුතුයි. ජනතාව අතර පවතින වැරදි උපකල්පන, වැරදි දැනුම තුරන් කළ යුතුයි. ෆැඩරල් යනු බෙදුම්වාදයක් නොවේ, එය බෙදුම්වාදය තුරන් කරන ක්‍රමවේදයක් බව සිංහල ජනතාවට පැහැදිළි කර දිය යුතුයි. සියල්ලන්ටම පෙර සිංහල නායකයන් ෆැඩරල් ගැන සොයා බලා එය පිළිගැනීමට සූදානම් විය යුතුයි.

මෙම අවස්ථාවේ මෙම ලිපියෙහි ආරම්භයේදී සඳහන් කළ කිලිනොච්චිය සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්ණයක් ඉදිරිපත් කළ යුතුයි. ‘දැන් ඉදිරිපත් කරන්නට යන ව්‍යවස්ථාව ඊළඟ මැතිවරණයෙන් පසු පැමිණෙන ආණ්ඩුව විසින් වෙනස් නොකරන බවට සහතිකය කුමක් ද? යම්කිසි විටක රාජපක්‍ෂ කණ්ඩායම යළි බලයට පැමිණියේ නම් ඔවුන් මෙම ව්‍යවස්ථාව වෙනස් නොකරයි ද?‘ යැයි එහි පැමිණ සිටි පුද්ගලයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුව බලා ප්‍රශ්ණ කළේය. එයට එම කමිටුවේ නීතීඥවරයකු පිළිතුරු දෙමින් කියා සිටියේ. ‘ රාජපක්‍ෂවරුන් නැවැත එන්නේ නැහැ…… ඔබලා ඔවුන්ට එන්නට දෙන්නේ නැහැ, ඔයාලයි අපියි එක්වී ඔහුව පරාජය කළා.. ඉදිරියටත් පරාජය කරමු‘ යන අදහසින් පවසා සිටියේය.

නමුත් යුක්ති සහගත සියළු දෙනාම එකඟවිය හැකි විසඳුමකට සිංහල පොදු මානසිකත්වය උදාකිරීම යනු රාජපක්‍ෂවරුන්ව පරාජය කිරීම පමණක් නොවේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය රාජපක්‍ෂවරුන් පමණක් යැයි නොවේ, ඔවුන් ප්‍රතිඵලයක් පමණි. රාජපක්‍ෂවරුන්ගේ පරාජය යනු සිංහල මහජාතික පාලනවාදයේ පරාජය බවද තහවුරු කිරීමේ වගකීම මෛත්‍රී – රනිල් රජයට ඇත. නමුත් පසුගිය වසරක පාලනය යටතේ දෙමළ ජනතාවගේ අත්දැකීම කුමක් ද? සිංහල පොදු මානසිකත්වයක් උදා කළ හැක්කේ එම පාලනවාදය පරාජය කිරීමෙන්ය. එය ඉටුකිරීමට සිංහල නායකයන්, මාධ්‍යවේදීන්, ආගමික නායකයන්, ක්‍රියාකරුවන්, බුද්ධිමතුන් ඇතුළු සියළු දෙනාම සූදානම් ද? දෙමළ ජනතාවගේ එළුවන්ට තණ කොළ දීම පැත්තකින් තබා එම ජනතාවට අසත්‍යන් නොදෙන්නෙමු යන සහතිකය ලබාදීමට සිංහල නායකයන් සූදානම් ද? නැතිනම් මෙම ලිපිය සියල්ල මන:කල්පිත යැයි නිම කරන්නද?

By – Nilanthan
Translation – Jasmin
Global Tamil News – Sinhala