ඊයේ(23) දිනයේ අත්අඩංගුවට පත්වූ මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු සිව් දෙනෙකු ලබන මස 7 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (24) නියෝග කර තිබේ.
මඩකළපුව – ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇය ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ(23) දිනයේ අත්අඩංගුවට ගත් අතර, සිවගීතා ප‍්‍රභාකරන්ගේ සැමියා ඇතුළු 5 දෙනෙකු ඊයේ දිනයේදී පොලිස් ඇප මත මුදා හැර තිබුණි.
– Global Tamil News : Sinhala
Add Comment