ජනපති හා දිස්ත්‍රික්ක ලේකම්වරුන් අතර සාකච්ඡා හමුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සියළු දිස්ත්‍රික්ක ලේකම්වරුන් අතර ඊයේ (26) කොළඹ මිලෝදා ආයතනයේ සාකච්ඡා හමුවක් පවත්වා තිබේ.

ලබන ඔක්තෝබර් 06දා ආරම්භ කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය දිස්ත්‍රික් මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් කැපවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ආයතන මට්ටමින් වගකීම් පවරමින් අදාළ චක්‍රලේඛ මේ වන විට නිකුත් කර අවසන්ව ඇති අතර චක්‍රලේඛ අනුව නොව ජාතියේ අනාගතය වෙනුවෙන් පැවරුණු වගකීමක් සේ සලකා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් ද කැපවිය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top