SRILANKAN NEWS

ඉරණතිව්වල නැවත පදිංචි වන තෙක් අරගලය අතාරින්නේ නෑ – ඉරණතිව් ජනතාව

කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරණතිව් ප්‍රදේශයේ තමන්ව නැවැත පදිංචි කරන තෙක් තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බව ඉරණතිව් ජනතාව පවසති.

අදට දින 150ක කාලයක් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යන ජනතාව, තමන්ගේ අරගලයට විසඳුමක් ප්‍රකාශ කර ඇති නමුත් තමන්ව ඉරණතිව් ප්‍රදේශයේ නැවැත පදිංචි කරනතෙක් තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන පවසා තිබේ.

මේ අතර, ලබන නව වැනිදා ඉඩම් මිනුම්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිලධාරින් සහ ජනතා නියෝජිතයන් කණ්ඩායමක් ඉරණතිව් ප්‍රදේශයට ගොස් ඉඩම් මිනුම් කටයුතු සිඳු කිරීමට නියමිත බවත්, ඔවුන්ගේ නම් ලැයිස්තුව ආරක්‍ෂක අමාත්‍යංශයට යවා ඇති බව පූනගරි ප්‍රාදේශිය ලේකම් ක්‍රිෂ්නේන්ද්‍රන් පවසයි.