පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් – ජනපති

පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සහ සංරක්ෂණය වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් තම වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රි ලංකාවේ ටැම්පිට විහාර පිළිබද පර්යේෂණ ග්‍රන්ථය, ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවය අමතමිනි.

බෞද්ධ ප්‍රතිමා ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ සුවිශේෂී කලාවන් සමග ගොඩනැගුණු ප්‍රතිමා ගෘහ විශේෂයන් පිළිබදව කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රය විසින් HETC ව්‍යාපෘතියේ අරමුදල් යටතේ දියත් කරනු ලැබූ ඉහළ ප්‍රමිතිගත පර්යේෂණයේ එක් ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිය පාඨකයින් අතට පත් කෙරේ.

කර්තෘ ගංගා රාජිණි දිසානායක මහත්මිය විසින් මෙහිදී ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පර්යේෂණ කණ්ඩායම උදෙසා සමරු ඵලක ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ශ්‍රි පාදස්ථානාධිති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රි සුමංගල, පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද, බිංගිරිය දේවගිරි විහාරයේ පූජ්‍ය පඩිවෙල සෝරත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා ඇතුථ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුථ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top