ආවා කල්ලිය විසින් ඊයේ දින පැවැත්වූ ආයුධ පූජාව

යාපනයේ ආවා කල්ලියට අයත් පුද්ගලයන් විසින් ඊයේ දින ආයුධ පූජාවක් පවත්වා තිබේ. නවරාත්තිරි උපවාසයේ ආයුධ පූජාව හින්දු භක්තියන් විසින් ඊයේ දින සමරා තිබුණි. එහිදී හින්දු භක්තියන්ගේ සම්ප්‍රදායට අනුව තම රැකියාවට අදාළ උපකරණ, අධ්‍යාපන උපකරණවලට එදින පූජාවක් පවත්වා ආගමික කටයුතු සිදු කිරීම සිරිතකි.

එලෙස ඊයේ දිනයේදී ද හින්දු භක්තිකයන් පූජා කටයුතුවල නිරතවූහ. එලෙස යාපනයේ අපරාධ ක්‍රියාවන් රැසකට සම්බන්‍ධ ආවා නැමැති කල්ලිය විසින් ආයුධ පූජාවක් ද පවත්වා තිබේ. එම කල්ලිය සිය කඩු, කිනිති, ඇතුළු ආයුධවලට පූජාවක් පවත්වා එහි ඡායාරූප මුහුණු පොතට ඇතුලත් කර තිබේ.

එහිදී “ආයුධවලට අද තමයි පූජාවක් පවත්වා සංසිඳුවා තිබෙනවා, අද මෙන් සැමදා අප හතුරන්ට මරණ බියක් ලබා දෙන්න ??? සැමට ආයුධ පූජාවේ සුබ පැතුම්“ යැයි සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top