SRILANKAN NEWS

නව රජය ගෙවුණු මාස 33ක කාලය තුළ කිසිවක් සිඳුකර නැහැ – බැසිල් රාජපක්‍ෂ

උතුරේ මහ ඇමැතිවරයා උතුරු පළාත් ජනතාවගේ සහාය සහ ආදරය දිනාගෙන තිබෙන හෙයින් දෙමළ ජාතික සන්ධානය ඔහුව විවේචනය කරමින් සිටින බව හිටපු ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති හා පාර්ලිමෙන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ පවසයි.

යාපනයේ සංචාරයක නිරතවූ බැසිල් රාජපක්‍ෂ අද දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටියේය.

උතුරු වසන්තය යටතේ සංවර්ධන කටයුතු, කෘෂිකර්ම හා ධීවර කටයුතු නඟා සිටුවීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් සිඳුකර ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් සකසා දුන්නෙමු. රටේ සාමය ඇති කළේ හිටපු ජනාධිපතිවරයාය. නමුත් නව රජය පැමිණ මාස 33ක කාලයක් ගතවී ඇති නමුත් ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් ලැබී නොමැත. පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ජනතාවට නිදහස් ජීවිතයක් ලබාදුන්නේ අපගේ පාලනයේදීය.

අවතැන්වූ ජනතාව අපි නැවැත පදිංචි කළා, දිගටම ජනතාව නැවැත පදිංචි කිරීමට පියවර ගත්තා,ඉඩම් නැති අයට ඉඩම් ලබාදීමට සූදානමින් සිටියා, තවද අතුරුදන්වූවන් ගැන ද පියවර ගැනීමට සූදානම් වුනා. නව රජය නැවැත පදිංචි කිරීමේ වැඩපිළිවල නිසිලෙස සිඳුකර නැහැ. ඉන්දිය ධීවරයන්ව මැඩපවත්වා අපගේ ධීවරයන්ව ආරක්‍ෂා කිරීමටද මෙම රජයට නොහැකිවී තිබේ.

දෙමළ ජනතාවගේ ගැටළු, අවශ්‍යතාවයන් ගැන දෙමළ ජාතික සන්ධානය සොයා බැලුවේ නැහැ, මෙවැනි තත්වයකදී දෙමළ ජනතාවගේ ගැටළු, අවශ්‍යතාවය ගැන සොයා බැලීමට අපගේ පක්‍ෂ විසින් ජන හමුවක් පවත්වා තිබෙනවා. උතුරේ මහ ඇමැතිවරයා උතුරේ ජනතාවගේ සහාය සහ ආදරය දිනාගෙන තිබෙන හෙයින් දෙමළ ජාතික සන්ධානය ඔහුව විවේචනය කරමින් සිටිනවා යැයි තමන් අදහස් කරන බව බැසිල් රාජපක්‍ෂ වැඩිදුරටත් පවසා සිටියේය.