SRILANKAN NEWS

කොළඹ පැල්පත්වාසීන්ට 2023 වනවිට නිවාස 50,000 ක් – චම්පික රණවක

කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා ඉදිවන නිවාස 50,000 වැඩකටයුතු 2023 වනවිට අවසන් කර කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බොරැල්ල ලෙස්ලි රණගල මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ අමාත්‍යවරයා,‍

“වැලිකඩ බන්ධානාගාරය, රිමාන්ඞ් බන්ධනාගාරය මාලිගාකන්දේ ප‍්‍රධාන අධිකරණ සංකීර්ණය තිබෙන ස්ථානයට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි ඉන්න අයගෙන් 90% ක් මත්ද්‍රව්‍ය වැරදි නිසා සිරගත වෙච්ච පිරිසක්. ඒ පිරිස අපි ප‍්‍රතිශෝධනය කරලා රටේ වැදගත් පුරවැසියෝ පිරිසක් බවට පත් කළ යුතුයි.

සිරගෙදර පිහිටා තිබෙන මේ මුළු භූමි ප‍්‍රදේශයම නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග එක්ව විධිමත් සංවර්ධනයකට ලක්කිරීමට වැඩකටයුතු සිදු කරනවා. “ යැයි දපවසා සිටියේය.