SRILANKAN NEWS

දෙවැනි හදවත් බද්ධය කළ තරුණිය මියයයි

මෙරට දී සිදුකළ දෙවන හදවත් බද්ධයට ලක්වූ තරුණිය අසාත්මිකතාවක් හේතුවෙන් සැත්කමෙන් දින තුනකට පසු මියගිය බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු ඇය පසුගිය මාර්තු මස 27වන දින සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටියා ය.

පසුගිය 20 වනදා ඇයට හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය සිදුකෙරුණේ, පසුගිය 27 දින අලුයමය.

දකුණු පෙනහැල්ලේ පවතින පීඩනය ඇයගේ මරණයට හේතු වන්නට ඇතැයි මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ ය.

මෙලෙස දෙවන හදවත් බද්ධ කිරීමේ සැතකමින් පසු ජීවිතයෙන් සමු ගත්තේ, 19 හැවිරිදි කළුතර කළුවාමෝදර ප්‍රදේශයේ අදාළ තරුණියකි.

මහනුවර හාරගම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී මොළය මියගිය නලින් බණ්ඩාර නමැති 28 හැවිරිදි ‍තරුණයෙකුගේ හදවත මෙම තරුණියට බද්ධ කර තිබුණි.