දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරනය කර අද නව වන දිනටත් සත්යග්රහයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට සහාය පළ කරමින් යාපනය පිහිටි තමිලරසු පක්ෂ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
අද (3) දින යාපනයේ පිහිටි තමිලරසු පක්ෂ කාර්යාලය ඉදිරිපිට එක්රැස්වූ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, පොදු සංවිධානවල නියෝජිතයන්, සහ බන්ධනාගාරයේ සිට නිදහස් වූ දේශපාලන සිරකරුවන් මෙලෙස උද්ඝෝෂණයක නිරතවූහ.
උද්ඝෝෂණයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත භාරදීම සඳහා වූ සන්දේශයක් තමිලරසු පක්ෂයේ පරිපාලන ලේකම් එස්. කුලනායකම් වෙත භාරදී තිබේ.
මේ අතර, ලබන 7වනදාට පෙර දේශපාලන සිරකරුවන් පිළිබඳව නිසි ක්රියාමාර්ගයක් ගත යුතු බවත්, එසේ නොමැති නම් තමිලරසු පක්ෂ කාර්යාලය වටලා අඛණ්ඩ සත්යග්රහයක් පවත්වන බව දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පවසා තිබේ.
Add Comment