දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 8 වැනි සමුළුව අද

දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අටවැනි සමුළුව අද (4) කොළඹ දී ආරම්භ වෙයි.

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී ඔක්තෝම්බර් (4) අද සිට 6 දක්වා සාර්ක් රාජ්‍යයන් හී කතානායකවරුන්ගේ සහභාගීත්වයෙන් සමරම්භක උළෙල පැවැත්වෙයි.

ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය, ශ්‍රී ලංකාව, භූතානය, පාලය,මාලදිවයින,ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් කතානායකවරු ඇතුළු සුවිශේෂී විදෙස් නියෝජිතයන් මේ අවස්ථාවට එක් වෙයි. සමාරම්භක උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ,කතානායක කරූ ජයසූරිය මැතිතුමා සහභාගීවීමට නියමිතය.

”දරිද්‍රතාවයෙන් මිදී තම ප්‍රජාවන් සඳහා වඩා යහපත් අනාගතයක් ගොඩනැංවීමට කාන්තාවන්ට සහාය වෙමු” යන තේමාව යටතේ කාන්තා පාර්ලිමේන්තුවරින්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වෙයි.

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා තරුණයන් අතර ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වෙමින් මිනිස් ජාවරම,නවීන වහල්භාවය සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහිව සටන් වැදීමට තරුණයන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වෙයි.

සර්ක් ධජය යටතේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ රැස්වීමක් මෙලෙස පැවැත්වෙන්නේ ප්‍රථමවරටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top