දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් – ස්වාමිනාදන්

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව හින්දු ආගමික හා බන්‍ධනාගාර, ප්‍රතිසංස්කරණ, නැවැත පදිංචි කිරීමේ කටයුතු ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

මඩකළපුවේ සංචාරයක නිරතවූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

‘විශේෂයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් 73 දෙනෙකුගේ නඩු මහධිකරණයේදී ගොනු කර තිබේ. ඔවුන්ගේ නඩු කඩිනමින් විභාග කිරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා පවසා තිබෙනවා. මා විසින් කළ හැකි උපරිම උත්සහය ඒ සඳහා සිදුකරනවා. නීතිය උල්ලංඝණය කරමින් අපිට කිසිවක් කරන්න බැහැ. නමුත් සියළු කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා‘ යැයි පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top