පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෝ ජනපති හමුවෙති

ඔක්තෝබර් මස 04 සිට 06 දක්වා ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ විධායක කමිටු රැස්වීමට සහභාගී වීමට පැමිණි නියෝජිත පිරිස පසුගිය (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන් මෙවර විධායක කමිටුව ශ‍්‍රී ලංකාවේදී රැස්විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ගිනිසිළුව ලබන 12 සිට සිට 16 දින දක්වා ශ‍්‍රී ලංකාවේ රඳවා තැබෙන අතර එම ගිනිසිළුව මෙම මස 12 වැනිදා ජනාධිපතිතුමාට භාරදීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම සඳහා මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා හමුවූහ.

මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ සභාපති ඛදමසිැ ඛසඩසබටිඑදබැ ඵ්ඍඔෂභ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා ආයතන වල ඒකාබද්ධ සංගමයේ ආසියානු කලාපය සඳහා වූ උප සභාපති හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top