කිලිනොච්චිය ළමා නිවාසයේ වදහිංසාවට ලක්වූ ළමුන් පහක් රෝහලට

කිලිනොච්චිය දී පවත්වාගෙන යන මහාදේවා ළමා නිවාසයේ වද හිංසාවට ලක්වූ ළමුන් පස් දෙනෙකු ළමා පරිවාස හා ළමා ආරක්‍ෂක නිළධාරින් විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහලට ඇතුලත් කර තිබේ.

විදුලිය සපයන වයර්වලින් සහ හොකි පිතිවලින් ඉකුත් සිසුන් පස් දෙනාට පහරදී ඇති බවත්, ශරීරයේ බොහෝ තැන්වල අභ්‍යන්තර තුවාල සිඳුව ඇති බව ද පැවැසේ.

අද දින ඉකුත් ළමා නිවාසයේ සිටි යාපනයේ පදිංචිව සිටි දරුවෙකු තම පියා සමඟ මානව හිමිකම් කොමිසමට ගොස් තමන්ට සිඳුවූ වද හිංසාව ගැන පැමිණිළි කිරීමෙන් අනතුරුව මේ බව හෙළිවී තිබේ. ඉන් අනතුරුව අදාළ බළධාරින් විසින් ළමා නිවාසයට ගොස් පරීක්‍ෂා කර ඇත.

තමන්ට සිඳුවූ සිද්ධිය ගැන දරුවන් අදහස් දැක්වීමට බිය වන බවත්, මේ හේතුවෙන් එම දරුවන්ව ළමා නිවාසයෙන් පිටතට ගෙන රෝහලට ඇතුලත් කළ බව නිලධාරින් පවසති.

මෙම ළමා නිවාසයේ යුද්දයේදී දෙමව්පියන් අහිමිවූ දරුවන්, දිළිඳු පවුල්වල දරුවන් සහ යුද්දයෙන් මානසික පීඩාවට පත්වූ දරුවන් රැකවරණය පතා මෙහි රැඳී සිටින අතර, එහිදී ද මෙවැනි අමානුෂික සිද්ධින් සිඳුවීම ගැන සමාජය තුළ දැඩි කම්පනයක් ඇතිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top