මියන්මාර සරණාගතයන්ට හිංසා කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි එක්සත් ජාතීන්ගේ සරනාගතයින් පිළිබඳ කොමසාරිස් කාර්යාලයට අයත් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස බාර වී ඇත්තේ වැඩ තහනමට ලක් වු පොලිස් කොස්තාපල්වරයකු වන වාද්දුවේ පදිංචි ප‍්‍රගීත් චානක ගුණතිලක නැමැත්තා ය.

සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඊයේ (06) පස්වරුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top