භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි 5585යි

1හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම මගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේදී සිදු කර ඇති ඍජු ලංසු තැබීම් වලින් පමණක් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 5585ක් පමණ වන බව මේ වන විට ගණන් බලා තිබේ.

එයින් එම සමාගම ලබා ඇති ලාභය පමණක් රුපියල් කෝටි 1445ක් පමණ බවද වාර්තා වේ. බැඳුම්කර වංචාව පිළිබඳ මහබැංකුව මගින් හා විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුසාරයෙන් ආර්ථික විශේෂඥයෙන් විසින් මෙම ගණන් බැලීම සිදු කර තිබේ.

මෙම ගණුදෙනුව මගින් සිදු වී ඇති වක්‍ර පාඩුව කෝටි 15,000ක් පමණ වන බවද වාර්තා වේ.

– lankatruth.com

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top