කොළඹට අද පැය 15ක ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 කාලය තුළමොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඊට අමතරව රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top