2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

2018 වර්ෂය සදහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත භෙට(09) පාර්ලිමේන්තුවට දිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වර්ෂය සදහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175 ක් බව සඳහන් වේ.

විසර්ජණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස නව වනදා පැවැත්වීමට නියමිත අතර, අයවැය සඳහා මහජන අදහස් හා යෝජනා ලබන 18 වනදා දක්වා භාරගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top