කල්පිටිය ප්‍රදේශයේ දී කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 81කට වැඩි ප්‍රමාණයක් කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය උච්චිමුණිය දූපතේ කේරළ ගංජා තොගයක් වළ දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කල්පිටිය පොලිස් නිලධාරීන් විසින් කළ වැටලීමකින් අනතුරුව මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

ගෝනි තුනක ඇසුරූ කේරළ ගංජා තොගය එම දූපතේ බෝට්ටු වාඩිය ප්‍රදේශයේ වළ දමා තිබූ බවත්, සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top