ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482 යි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ (07) දිනය නිමා වන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.

එ් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 482කට පිළිතුරු වශයෙන්. ශී‍්‍ර ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 196ක් ලබාගත්තා.

පාකිස්තානු දඟ පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා ඊයේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. එ් පිට පිටම ටෙස්ට් තරග 5කදී ඉනිමක කඩුලූ 5 බැගින් දවා ගනිමින්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top