ජාතික විශ‍්‍රාමික දිනය අදයි

ජාතික විශ‍්‍රාමික දිනය අදට (08) යෙදී තිබෙ. රාජ්‍ය සේවය වෙනුවෙන් දශක 3කට අධික කාලයක් සිය දැනුම, ශ‍්‍රමය හා කාලය කැපකර විශ‍්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මෙහෙවරට හරසර දැක්වීම මෙම දිනයේදී සිදුවනවා.

මෙවර ජාතික විශ‍්‍රාම දින සැමරුම් උළෙල දීප ව්‍යාප්ත සැමරුමක් ලෙස පළාත් 9 ආවරණය වන පරිදි පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ රට තුළ මේ වනවිට විශ‍්‍රාමිකයින් පන්ලක්ෂ අනූපන්දහස් හයසීය හැත්තෑහත්දෙනකු සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top