මතුගම කලවාන මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් කුඩා දරුවකු ජීවිතක්‍ෂයට

මතුගම කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්වූ අතර පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කලවාන දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ අගලවත්ත දෙසට ගමන් ගත් ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 12 දෙනා බදුරලිය රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී බරපතල ලෙස තුවාල ලැබූ වයස 4ක පමණ වූ කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ද්ධිය සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආාරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top