පොලිස් අණ නොතකා ධාවනය කරන රියකට අවම බලය හා අවශ්‍ය බලය භාවිත කළ හැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
කෙසේ නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බවත් එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඊයේ (25) දින 150වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගිවූ පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී මේ බව පවසා සිටියේය.
පොලිස් ආඥා පනතේ 53වන වගන්තිය යටතේ පොලීසියට අවම බලය හා අවශ්‍ය බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන බවත්, සැලසුම් සහගත ප්‍රහාරයක්, මංකොල්ලයක් හෝ ජීවිත අනතුරුක් ඇතිවිය හැකි අවස්ථාවක ගිනි අවිය භාවිත කළ හැකි බවත්, එහිදී වැදගත් වන්නේ එකී බලය භාවිතා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණයවීම හෝ නොවීම පිළිබඳ කාරණය බවත් ඔහු සිහිපත් කළේය.
– Global Tamil News : Sinhala
Add Comment