මාධ්‍යට ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමට තිබෙන අයිතිය මෙන්, මාධ්‍ය විවේචනය කිරීමට ද ආණ්ඩුවට අයිතියක් තිබෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබේ.
ආණ්ඩුව හා මාධ්‍ය අතරවූ යහපත් විවාදය පූර්ණ ප්‍රජාතාන්ත්‍රික සලකුණක් ලෙස දැකිය යුතු බව පෙන්වාදී තිබෙන අමාත්‍යවරයා, මාධ්‍ය විවේචනය කළ ද පසුගිය පාලන සමයේදී මෙන් ඉන් කිසිදු මාධ්‍ය මර්දනයක් සිදුව නැති බවත්, මාධ්‍යවේදීන්ව පැහැරගෙන යෑමට සුදු වෑන් යවා නැති බව ද පවසා තිබේ.
සිවිල් සමාජයේ හෝ මාධ්‍යට තමා චෝදනා නොකරන බව ද එම පාර්ශවවල වරදක් තිබුණහොත් ආණ්ඩුව හෝ තමා ඒවා පෙන්වාදෙන බව පැවැසූ ඇමැතිවරයා සියලු පාර්ශව තම තමන්ගේ අඩුපාඩු සකසා ගත යුතු යැයි පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment