SRILANKAN NEWS

ශෂී වීරවංශගේ නඩු දෙක කල් යයි

කූඨ ලේඛන ඉදිරිපත්ක රමින් ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළැයි මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ බිරිය ශෂී වීරවංස මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (09) තීරණය කර තිබේ.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා වෙනත් නඩුවක් සදහා කොළඹින් බැහැරව අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් තබන ලෙසට විත්තියෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙලෙස තීරණය කර ඇත.

දැනට අවස්ථා තුනකදී විත්තිය විසින් මේ අයුරින් සාක්ෂි විභාගය සදහා සූදානම් නොවීමේ හේතුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණී සාක්ෂිකරුවන් මෙන්ම අධිකරණයද අපහසුතාවයට පත්වූ බවත් ඒ හේතුවෙන් මින් ඉදිරියට මෙවන් ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සාක්ෂි විභාගය කල් තැබීමට කිසිදු දිනයක් ලබා නොදෙන බවත් මහේස්ත‍්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට අවවාද කරමින් එලෙස දින ලබා දී ඇත.

මෙලෙස විවිධ හේතු දක්වමින් නඩුව දීර්ඝ කාලයක් ඇදගෙන යාමත් සාක්ෂි විමසීම මග හැරීමත් විමල් වීරංවංස පාර්ශවයේ උපාය වී ඇත්දැයි හැඟි යන බව නීති විශාරදයෝ සඳහන් කරති.