මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවට

Arrest 01 අත්අඩංගුවටමට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේදී සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11දෙනෙකු ඊයේ (25) රාත‍්‍රියේ රත්නපුර ප්‍රදේශයේ සැගවී සිටියදී අත්අඩංගුව ගත් බව පොලීසිය පවසයි.

ඔවුන් සතුව තිබී ටී.56 අවියක් සහ පිස්තෝල දෙකක්ද පොලීස් බාරයට ගෙන ඇත.

පසුගිය 23 වනදා මට්ටක්කුලියේ සිදුවූ වෙඩි තැබීමෙන් සමිට්පුර ප්‍රදේශයේ පදිංචි නුවන් සංජීව පෙරේරා, මොහොමඩ් හුසේන් මොහොමඩ් නසාර්, ප්‍රසාද් චතුරංග පෙරේරා සහ දෙනුවන් යන පිරිස මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරන ලදි.

පාතල කල්ලි දෙකක් අතර පැවති ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top