පළාත් පාලන සංශෝධන පනත්වලට කතානායක අත්සන තබයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරූ ජයසූරිය මහතා විසින් සිය අත්සන සටහන් කර ඇත. අත්සන සනිටුහන් කිරීම අද දින (12)පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ දී සිදු විය.

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරිණි.

මෙම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක් වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top