මූදල් වංචාව පිළිබඳ පරීක්ෂණ සඳහා තායිවාන නියෝජිතයන් දිවයිනට

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ ගිණිමුට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 60 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම සඳහා අදාළ බැංකුවේ නියෝජිතයෙකු සහ එරට විමර්ශන නිළධාරීන් දෙදෙනෙකු ඊයේ (11) රාත්‍රිෙය් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇති බව පැවැසේ.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු මත විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු සහ ලිට්රෝ‍ සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ව ලබන 25 වන දා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top