පසුගිය 10 සිසු විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 2015 වසරේ මාර්තු මාසයේ පැවති සිසු උද්ඝෝෂණයකට සම්බන්ධ වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට ගිය අවස්ථාවේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.