අනුර කුමාර සංඛ්‍යාත පිළිබඳ තොරුතුරු ඉල්ලයි..

විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පසුගිය 2007 – 2017 දස වසරක කාලය තුළ ලබා දුන් සංඛ්‍යාත පිළිබඳ තොරුතුරු ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් එම කොමිසම වෙත තොරතුරු දැනගැනීමේ පන යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව විදුලි සංදේශන නියාමන කොමිසම මගින් රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සදහා සංඛ්‍යාත ලබා දුන් පුද්ගලයින් හෝ සමාගම් මොනවාද ?, එක් එක් සමාගම් වෙත ඉහත කාල වකවානුව තුල ලබාදුන් සංඛ්‍යාත පරාසයන් කවරේද ?, එම සමාගම් හෝ පුද්ගලයන් තෝරා ගත් පදනම කවරේද ?, යම් පුද්ගලයකුට හෝ සමාගමට ලබාදුන් සංඛ්‍යාත විදුලි සංදේශන නියාමන කොමිසම විසින් නැවත ආපසු පවරා ගැනීමක් සිදුකර තිබේද ?, එසේ පවරා ගැනීමක් සිදුකර තිබේ නම් එම පුද්ගලයින් හෝ සමාගම් මොනවාද ?, එසේ පවරා ගැනීමට හේතු වූ කරුණු කවරේද ? යනුවෙන් ප්‍රශ්න 6ක් යොමු කරමින් අදාළ තොරතුරු විමසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top