විරෝධතා කළත් දරුණු අපරාධවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂ රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි. දේශපාලන අරමුණු සඳහා උතුරේ කුමන විරෝධතා සිඳු කළත්, දරුණු අපරාධවලට සම්බන්ධ කොටි සංවිධානයේ සැකකරුවන්ව නිදහස් නොකරන බව අමාත්‍යවරයා පවසා තිබේ. බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.
උතුරේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් විරෝධතා පවත්වන බවත්, මේ හේතුවෙන් උතුරේ ජනතාවගේ දෛනික ජන ජීවිතයට බාධා එල්ලවන බවද හෙතෙම චෝදනා කර තිබේ.
දේශපාලන අරමුණු සඳහා දෙමළ ජාතික සන්ධානය කොටි සැකකරුවන්ව දේශපාලන සිරකරුවන් යැයි පවසා සිටින නමුත්, ඔවුන් දේශපාලන සිරකරුවන් නොවන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
Add Comment