කිලිනොච්චිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ..

කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක වියදමින් ඉදිකළ කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය (14) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

සමරු ඵලකය නිරාවරණය කර කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්සානා යන මහත්වරුන් ද, පොලිස්පති, ගුවන්හමුදාපති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ත්‍රීකුණාමල දිස්ත්‍රීක් ලේකම් ඇතුථ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top