කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඇමතුවේය.
අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්සානා යන මහත්වරුන් ද, පොලිස්පති පූජිත ජයසුන්දර, ගුවන්හමුදාපති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ත්‍රීකුණාමල දිස්ත්‍රීක් ලේකම් ඇතුථ රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.
එහිදී ඉදිරි පෙල අසුන්ගෙන සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විටින් විට නිදි කිරා වැටීම සියළු දෙනාගේ අවධානයට යොමුවූ කරුණක්විය