රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් දෙක සඳහා නායයාම් අනතුරු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා අවට ප්‍රදේශවලට හා ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා අවට ප්‍රදේශ වෙත මෙලස නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.

පසුගිය පැය 24තුළ වර්ෂාපතනය මිලිමීටර් 75ඉක්මවා ඇති බැවින් වාර්ෂාව තවදුරටත් පවතී නම් නායෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top