ජාතික දීපවාලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

ජාතික දීපවාලී උත්සවය 2017 ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම 18 වනදාට යෙදෙන දීපවාලී උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට ලොව පුරා හින්දු බැතිමතුන් සූදානම් වෙති. ඒ නිමිත්තෙන් සියලුම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සුබපැතුම් මෙහිදී පිරිනැමිණි.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top