ඔෆීලියා චණ්ඩ මාරුතය අයර්ලන්තයට

ඔෆීලියා චණ්ඩ මාරුතයේ අවදානමෙන් අයර්ලන්ත ජන ජීවිතයට බාධා පැමිණ ඇති බව වාර්තාවේ.

පැයට කිලෝමීටර 130ක වේගයෙන් චණ්ඩ මාරුතය අයර්ලන්තය දෙසට හමා එමින් පවතින අතර ඒ හේතුවෙන් අයර්ලන්තයේ සියලු පාසල්, කාර්යාල හා අධ්‍යයන ආයතන වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර තිබේ.

අත්ලන්තික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයට මෑතක දී බලපෑ දරුණුතම චණ්ඩ මාරුතය මෙය ලෙස සැලකෙන අතර, චණ්ඩ මාරුතයේ අවදානමත් සමඟ අයර්ලන්තය පුරා රතු නිවේදන නිකුත් කර ඇත.

චණ්ඩ මාරුතය හේතුවෙන් ජීවිත හානි රැසක් සිදුවීමට ඉඩ ඇති බැවින් අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිසත ස්ථාන කරා ගමන් කරන ලෙස එරට බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top