කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ලබන 23වනදා දක්වා වසා දැමේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ලබන 23 වනදා දක්වා වසා දමන බවට එහි පාලන අධිකාරිය නිවේදනය කර තිබේ.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනුයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණය ගත් බව ඊයේ දින දැනුම් දි තිබේ. සිසුන්ගේ ආරක්ෂාව සළකා බලා ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කර ඇති බවත්, නේවාසිකාගාරවල ආරක්ෂාව තරකර ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top