SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවය තාවකාලිකව අත්හිටුවයි..

උපවාසයක නිරතවූ යාපනය සරසවි සිසුන් තම විරෝධතාවය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දේශපාලන සිරකරුවන් සියළු දෙනා නිදහස් කරන ලෙසත් ඉල්ලා යාපනය සරසවි සිසුන් ඊයේ අඟහරුවාදා දින පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.

මෙවැනි තත්වයකදී හෙට 19 දින යාපනය සරසවි ශිෂ්‍ය සංගමය හා ජනාධිපති අතර හමුවක් පැවැත්වීමට නියමිතය.

ඉකුත් හමුවේදී දේශපාලන සිරකරුවන්ගේ සිද්ධිය සම්බන්‍ධයෙන් තදින්ම සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට සටන් කරන්නෙමු, අපගේ ඉල්ලීමට ජනාධිපතිවරයා ප්‍රතිචාර නොදක්වන්නේ නම් සරසවි සිසුන් සියළු දෙනා කැඳවා විසඳුමක් ලැබෙන තෙක් විරෝධතා කරන්මෙු. එතෙක් මෙම උපවාස විරෝධතාවය තාවකාලිකව අත්හිටුවන බවට සිසුන් පවසා තිබේ.