නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුතින් ප්‍රාදේශීය සභා 6ක්

පළාත් පාලන නව සංශෝධන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා 6ක් පිහිටුවීමට තීරණය කර ඇති බව පළාත් සභා සහ පළාත් පළාන අමාත්‍යංශය පවසයි.

නෝර්වුඩ්,මස්කෙලිය,ආගරපතන හා කොටගල යනුවෙන් නව ප්‍රාදේශීය සභා හතරක් නුවර එළිය දිස්ත්‍රික්කයට එකතුවනු ඇත.

මේ අනුව අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් 3කට වෙන් වී අඹගමුව, නෝවුඩ් හා මස්කෙළිය වශයෙන් ප්‍රාදේශීය සභා 3ක්ද, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ලෙස තවත් ප්‍රාදේශීය සභා 3ක් ස්ථාපිත කෙරෙන බව පැවැසේ.

මෙසේ නව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ 4ක් අලුතින් පිහිටුවීමට විශේෂයෙන් දමිල දෙශපාලන නායකයන් රජයෙන් ඉල්ලා සිටින්නට හේතු වූයේ විශාල ප්‍රදේශයක් පුරා ජනගහනය පැතිර තිබීමයි.එසේම එක් එක් පලාත් පාලන ආයතනයන් හි අති විශාල ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top